ප්රංශයේ ලයෝන් නගරයේ සිදුවූ පිහි ඇනුමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව අට දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. පිහියක් අතින් ගත් පුද්ගලයෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ට මෙසේ තුවාල සිදුකර තිබෙනවා. ඔහු ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු වන අතර දේශපාලන රැකවරණය මත ප්රංශයේ රැදී සිට තිබෙනවා.