ප්රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තුන් දෙනෙකු තුවාල ලැබුවා.
තිරප්පනය වන්නම්මඩුව ප්රදේශයේදී ටිපර් රථයක පාපැදියක් ගැටිමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු අටක කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරින් බරපතළ තුවාල ලැබු දරුවා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරිමේදීයි මියගොස් ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙහිවල මහරගම මාර්ගයේ දේවාලමුල්ල ප්රදේශයේදී යතුරු පැදියක් මෝටර් රථයක ගැටිමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව කාන්තාවක තුවාල ලැබුවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වුණේ 24 හැවිරිදි හේවාහැට ප්රදේශයේ පදිංචිකරුවෙක්.
කළුතර මතුගම මාර්ගයේදී යතුරුපැදියක ගැටිමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා. සිද්ධියෙන් තුවාල ලැබුවේ යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනායි.