විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ඕනෑ තරම් කාලය තිබූ බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ආගමික සිද්ධස්ථාන සඳහා උපකරණ බෙදා දීමේ තවත් අදියරක් කොටහේන දීපදුත්තාරාම විහාරස්ථානයේදී සිදුකෙරුණා. විහාරාධිපති පූජ්‍ය වස්කඩුවේ සුසීම ස්වාමීන්වහන්සේ වෙත එම විහාරස්ථානයට අවශ්‍ය උපරකණ ලබා දීම අමාත්‍ය රවී කරුණානායක මහතා අතින් සිදුකෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/_IeFj5S8Q_c”]