fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අකිලගේ වාර්තව සති දෙකකින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2019 11:35

අකිලගේ වාර්තව සති දෙකකින්

පන්දු යැවිමේ ඉරියව්ව සැක සහිත බවට යළි චෝදනා එල්ල වූ අකිල ධනංජය පිලිබදව වාර්තාව ලබන සති දෙක තුළ ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරනවා.

පන්දුයැවිමේ ඉරියව් සැක සහිත බවට යළි චෝදනා එල්ල වීම නිසා දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර  පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනයේ ක්‍රීඩා,  විද්‍යා මධ්‍යස්ථානයේ පරික්ෂාවක් සදහා අකිල ධනංජය පසුගියදා පිටත්ව ගියා. ඔහුට යළි චෝදනා එල්ල වුයේ නවසිලන්තය සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුවයි.

මිට පෙරද අකිල ධනංජයට මෙම චෝදනා එල්ල වූ අතර පසුව ඔහුට පන්දු යැවිමේ තහනමක්ද පනවනු ලැබුවා. අනතුරුව ඔහු යළි සිය ඉරියව්ව සකස් කරගනිමින් සිදු කළ පරික්ෂණයේදී ඔහුගේ නව පන්දු යැවිම ඉරියව්ව නිත්‍යානුකුල බව තහවුරු වූ පසු නැවතත් පන්දු යැවිමේ අවස්ථාව උදා වුණා. නැවත වරක් ඔහුගේ ඉරියව්ව වැරදි බව සනාථ වුවහොත් අකිල ධනංජයට වසරක් දක්වා තරග තහනමක් පැනවිය හැකියි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 31, 2019 11:35

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්