විදුලි නිෂ්පාදන පිරිවැය අඩු කරමින් පාරිභෝගිකයින්ට තවදුරටත් සහන සැලසීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
දෙහිවල නගර සභා මාවතේ ඉදිකළ ලංකා විදුලි බල මණ්ඩලයේ සය මහල් මූලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ගැන ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.
ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යවරයා එක්වුණා. පැය 24 පුරා ගෙවීම් කළ හැකි යන්ත්‍රයක්, ඇමතුම් මධ්‍යස්ථානයක්, විදුලි වාහන ආරෝපණය කිරීමේ මධ්‍යස්ථානයක් ඇතුලු පහසුකම් රැසක් මීට ඇතුළත්.
[ot-video type=”youtube” url=”https://youtu.be/NxJ4OCUfcww”]