උතුරුමැද පළාත් පෙරපාසල් ගුරුවරුන්ට සුබ ආරංචියක්
Related Articles
පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය යටතේ නියාමනය වන පෙරපාසල් ගුරුවරුන්ගේ සේවය ස්ථිර කරන බව උතුරුමැද පළාත් ආන්ඩුකාර සරත් ඒකනායක මහතා පවසනවා. ඒ මහතා මේ බව සදහන් කළේ උතුරු මැද පළාතේ පූර්ව ළමා විය සංවර්ධන ඩිප්ලෝමාධාරී ගුරුවරුන්ට සහතික පත්‍ර ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පූර්ව ළමා විය සංවර්ධන අධිකාරිය යටතේ නියාමනය වන පෙරපාසල් ගුරුවරුන් අතරින් උසස්පෙළ සමත් ගුරුවරුන් සදහා වසරක කාලයක් සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මෙම ඩිප්ලෝමා පාඨමාලාව පවත්වා තිබෙනවා. ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ අයටයි මෙලෙස සහතික පත්‍ර පිරිනැමුණේ.