40 වන ජාතික යොවුන් නාට්‍ය උලෙළ ඊයේ (29) ආරම්භ වුණා. ඒ කොළඹ ටවර් රඟහලේදී.
යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ජාතික යොවුන් නාට්‍ය උලෙළ මෙවරත් සංවිධාන කරනවා. දීගු නාට්‍ය පිටපත් 20 ක් සහ කෙටි නාට්‍ය පිටපත් 100 ක් මෙන්ම දෙමළ කෙටි නාට්‍ය පිටපත් 29 ක්ද මෙවර තරගයට ඉදිරිපත් කර තිබෙනවා.
ඉන් අවසන් වටයට තෝරාගත් දිගු නාට්‍ය 7 ක් කෙටි නාට්‍ය 12 ක් සහ දෙමළ නාට්‍ය හතරක් සැප්තැම්බර් 8 වනදා දක්වා දිනපතා පස්වරු 6.30 ට වේදිකාගත කෙරෙනවා. සමාරම්භක උත්සවය පැවැත්වුණේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්යක්ෂ ජනරාල් එරන්ද වැලිඅංගේ මහතාගේ ප්‍රධානත්වයෙන්.