fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනාධිපතිවරණයක් කැදවීමකින් තොරව අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකියි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 19:19

ජනාධිපතිවරණයක් කැදවීමකින් තොරව අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකියි

ජනාධිපතිවරණයක් කැදවීමට පෙර ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවෙන් අවස්ථාවක් නොමැති බව එම පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසනවා.

පක්ෂ ව්‍යවස්ථාවේ නවය එක වගන්තිය අනුව ජනාධිපතිවරණයක් කැදවීමෙන් අනතුරුව පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් නාමයෝජනා කමිටුවක් පත්කිරීමත් එම කමිටුව හරහා අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීමත් සිදුකළ යුතු වෙයි.

ඒ අනුව ජනාධිපතිවරණයක් කැදවීමකින් තොරව අපේක්ෂකයෙකු නම් කිරීමට නොහැකි බවයි නීති ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 19:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්