එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි විජේදාස රාජපක්ෂ මහතා සහ අතුරලියේ රතන හිමියන් විනය පරීක්ෂණයක් සදහා කැදවා තිබෙනවා.
පක්ෂ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනය කිරීමත් පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කිරීමත් හේතුවෙනුයි මන්ත්‍රීවරුන් දෙදෙනා විනය පරීක්ෂණ කමිටුව හමුවට කැදවා ඇත්තේ.
ඒ අනුව පක්ෂ මූලස්ථානයේ විනය කමිටුව හමුවේ හෙට පෙනී සිටින ලෙස මන්ත්‍රීවරුන් දෙදෙනාට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම් ජනාධිපති නීතීඥ නිශ්ශංක නානායක්කාර මහතා දැනුම්දී තිබෙනවා.