එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් පිහිටුවන ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පත සකසා අවසන් කර තිබෙනවා. මේ වන විට එය සම්පූර්ණයෙන්ම නිමාවට පත්කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථා කෙටුම්පතට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ අනුමැතිය ද ලැබී ඇති බව සඳහන්. එම පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීම අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පවරා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින්. එමෙන්ම ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ සභාපති අමාත්‍ය කබීර් හෂීම්, පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද සහභාගි වනවා.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය හොබවන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. සන්ධානයේ මහ ලේකම්වරයා නම් කිරීමේ බලය ද එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා. ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනය මෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් නිල සංචාරයෙන් අනතුරුව සිදු කිරීමට නියමිතයි.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද අදහස් දැක්වූවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/Otu4D3C05VM”]