fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පලෙයි රෝහලේ වෛද්‍යවරයා හා සම්බන්ධ තවත් ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:28

පලෙයි රෝහලේ වෛද්‍යවරයා හා සම්බන්ධ තවත් ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ගෝඨාභය රාජපක්‍ෂ මහතා හා මහින්ද රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ වෛද්‍යවරයා හෝ ඔහුගෙන් ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පාපොච්ඡාරණය කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කරනවා. මේ සම්බන්ධයෙන් පළවී ඇති වාර්තා අසත්‍ය බවයි ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ.  මේ අතර වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊයේ දිනයේ ද තවත් ත්‍රස්ත සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් යන අය ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණේ පසුගිය 18 වනදායි. ඔහු එදිනම යාපනය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට යුද හමුදාව කටයුතු කළා. ඔහුගෙන් ලද තොරතුරු මත මීට පෙර ද තවත් ත්‍රස්ත සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව සැකකාර වෛද්‍යවරයාට අමතරව අත්අඩංගුවට ගත් ත්‍රස්ත සැකකරුවන්ගේ සංඛ්‍යාව 6 ක්. තවදුරටත් සිදු කළ විමර්ශනවලදී ඔවුන්ගෙන් හෙළි වූ තොරතුරු මත ගිනි අවි – පුපුරණ ද්‍රව්‍ය හා අත්බෝම්බ කිහිපයක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්