fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව වේගවත්ම මෝටර් රථ ධාවන ශූරියගේ අවසන් ගමන

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:06

ලොව වේගවත්ම මෝටර් රථ ධාවන ශූරියගේ අවසන් ගමන

ඇමෙරිකානු මෝටර් රථ ධාවන ශූරියක වන ජෙසී කොම්බ්ස් රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා.

ජෙසී කොම්බ්ස් ලොව වේගවත්ම මෝටර් රථ ධාවන ශූරිය ලෙසයි හැදින්වෙන්නේ. අධිවේගී රිය ධාවනයක නිරත වෙමින් සිටියදී ඔරිගන් ප්‍රාන්තයේදී සිදු වූ රිය අනතුරකින් ඇය ජීවිතක්ෂයට පත්වූ බවයි ඇයගේ පවුලේ සාමාජිකයින් මාධ්‍ය වෙත සදහන් කළේ. මිය යනවිට ඇය 39 වන වියෙහි පසුවුණා. ජෙසී කොම්බ්ස් රූපවාහිනී වැඩසටහන් සම්පත් දායිකාවක ලෙසට ද විශාල ජනප්‍රසාදයක් හිමිකරගෙන සිටියා.

2013 වසරේ දී පැයට කිලෝමීටර් 641 ක වේගයකින් මෝටර් රථය ධාවනය කරමින් වාර්තාගත ජයග්‍රහනයක් ලැබීමට ඇය සමත්වුණා. ඇය ලෝක වාර්තා වන පැයට කිලෝමීටර් 824 ක වේගය ඉක්මවා යාමට උත්සාහ ගත් අවස්ථාවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. 1976 වසරේ කිටී ඕනීල් නමැති ධාවන ශූරිය මෙම ලෝකවාර්තාවට හිමිකම් කියනවා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 18:06

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්