රට දැය දියුණු කිරීමට නම් අපනයන ආර්ථිකය වර්ධනය කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙන බතික් ලංකා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.
දිවයින පුරා සිටින බතික් කර්මාන්තකරුවන් මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත්ව සිටිනවා. එමෙන්ම හොඳම බතික් නිර්මාණ සඳහා ත්‍යාග පිරිනැමීමට ද සැලසුම් කර තිබෙනවා. සෑම ප්‍රදර්ශන කුටියක් වෙනුවෙන්ම වටිනා ත්‍යාග පිරිනැමීම හා පැය 2 කට වරක් ලොතරැයි දිනුම් ඇදීමක් මෙම ප්‍රදර්ශන භූමියේදී සිදුකෙරෙනවා.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රට බේරා ගැනීමට නම් නවීන අපනයන ආර්ථිකයකට ගමන් කළ යුතු බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/pzJjuMx9iJs”]