fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සති 2 ක් ඇතුළත CIDයට ගොස් ප්‍රකාශයක් දෙන්නැයි ඇමති රවීට නියෝගයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 17:34

සති 2 ක් ඇතුළත CIDයට ගොස් ප්‍රකාශයක් දෙන්නැයි ඇමති රවීට නියෝගයක්

සති 2 ක් ඇතුළත අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අමාත්‍ය රවී කරුණානායක මහතාට අද (29) නියෝග කළා.

මහබැංකු බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්‍ෂි ලබා දුන් බවට වන චෝදනාව සම්බන්ධයෙනුයි අමාත්‍ය රවී කරුණානායක මහතාට අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙස නියෝග කෙරුණේ.

කරුණානායක මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදුන් අනිකා විජේසූරිය යන අයගේ සොහොයුරාට තර්ජනය කළේ යැයි චෝදනා ලැබ සිටින ශනිල් නෙත්තිකුමාර යන අයට විදේශ ගත වීමට කොළඹ මහාධිකරණය අවසර ලබා දුන්නා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 17:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්