මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 2 වනදා මාලදිවයිනේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි. එහිදී අවබෝධතා ගිවිසුම් 4 කට අත්සන් තැබෙනු ඇති.
අග්‍රාමාත්‍යවරයාගේ මෙම නිල සංචාරයේදී ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීම මෙන්ම දෙරටටම බලපාන කලාපීය සහ ගෝලිය කටයුතු පිළිබද අදහස් හුවමාරු කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර උසස් අධ්‍යාපන හා ජල සම්පාදන ක්ෂේත්රයේ කාර්යයන් සඳහා වූ අවබෝධතා ගිවිසුම, වෘත්තීය පුහුණු හා යොවුන් සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුම, දෙරට අතර විසා විධිවිධාන පහසු කිරීම පිළිබඳ ගිවිසුම මෙන්ම ළමයින්ගේ, කාන්තාවන්ගේ, වැඩිහිටි හා ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය ආරක්ෂා කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම යන ගිවිසුම්වලට මෙහිදී අත්සන් කිරීමට නියමිතයි.
ගිවිසුම් අත්සන් කිරීමට අදාළව අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. දෙරටේ මිත්‍රත්වය හා අන්‍යෝන්‍ය සහයෝගීතාව තවදුරටත් පුළුල් කර ගැනීමට මෙම ගිවිසුම මගින් අවස්ථාව උදාවනු ඇති.