සුව සැරිය ගිලන් රථ සේවාව සම්පූර්ණයෙන්ම ස්වාධීනව ක්‍රියාත්මක වන්නක් බව කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
එය ශ්‍රී ලංකාවේ කාර්යක්ෂමම සේවාව බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
1990 සුව සැරිය ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් දිවයින පුරා උප කාර්යාල ගොඩනැගීමට තීරණය කර තිබෙනවා. එහි මුල්ම කාර්යාලයේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ මිරිහාන පොලිස්ථාන පරිශ්රයේදීයි.
ඒ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. සුව සැරිය ගිලන් රථ සේවයේ සභාපති දුමින්ද්‍ර රත්නායක මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/vDXM_ZV4KMs”]