fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දෙස් විදෙස් නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ආරක්ෂක සමුළුව ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 14:25

දෙස් විදෙස් නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් ආරක්ෂක සමුළුව ඇරඹෙයි

යුධ හමුදාව වාර්ෂිකව සංවිධාන කරන කොළඹ ආරක්ෂක සමුළුව 2019 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

ආරක්ෂක ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වතුන්,  විශේෂඥයින් මෙන්ම පාර්ශ්වකරුවන් ඇතුළු නියෝජිතයන් 800 කට වැඩි පිරිසක්  මෙම සමුළුවට එක්ව සිටිනවා. සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ඨත්වය යන තේමාව යටතේයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ. සමුළුව හෙට (30) අවසන් වීමට නියමිතයි. වත්මන් ආරක්ෂක භූමිකාව, ගැටුම් හා සහයෝගීතාව,  ත්‍රස්තවාදය හා සටන් කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් මෙවර සමුළුවේදී ආවරණය කෙරෙනවා. එහි සංවිධාන කටයුතු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේයි සිදු කෙරෙන්නේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා සමුළුවේ සමාරම්භය සනිටුහන් කළා.   සමාරම්භක දේශනය පැවැත්වූයේ හමුදා ඉතිහාසය පිලිබද විශේෂඥයකු වන නිතින් ඒ.ගෝක්ලේ මහතායි. මේ අවස්ථාවට ත්‍රිවිද හමුදාපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 14:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්