fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:25

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්කිස්ස සහ වත්තල ප‍්‍රදේශවලදී.

මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රැම් තුනකට වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වැල්ලවත්ත රුද්‍රා මාවතේදී. ඔහු ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිිකරණයට අද (29) ඉදිරිපත් කරන බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

හෂීස් මත්ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමග අනෙක් සැකකරු අත්අඩංගුවට පත්වුණේ වත්තල හැදල ප‍්‍රදේශයේදී. මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් සොයාගත් රුපියල් එක්ලක්ෂ විසිහතර දහසක මුදලක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (29) ඉදිරිපත් කරන බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්