fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාය යෑමෙන් නිවාස අහිමිවූ හම්බන්තොට පවුල් 13ක් සඳහා නව නිවාස

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:26

නාය යෑමෙන් නිවාස අහිමිවූ හම්බන්තොට පවුල් 13ක් සඳහා නව නිවාස

නාය යෑමෙන් නිවාස අහිමිවූ හම්බන්තොට පවුල් 13 ක් සදහා නව නිවාස ඉදිකර දීමට පියවර ගෙන තිබෙනවා.

2017 වසරේ ඇතිවූ අයහපත් කාලගුණයත් සමග බෙලිඅත්ත ඕකේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හීනටිහතමුණ ග්‍රාමනිලධාරී වසමේ එක් නිවසක් හානියට පත්වූ අතර  කණමුල්දෙණිය වසමේ අවදාම් කලාපවල නිවාස 12ක පවුල් ඉවත් කෙරුණා. එම පවුල් වෙනුවෙන් නව නිවාස ඉදිකර දීමට කලල්ගොඩ හා බටහිර කඩිගමුව යන ප්‍රදේශවලින් ඉඩම් මිලදී ගැනීමටයි කටයුතු කෙරුණේ.

නිවාස ඉදිකළ ඉඩම් කට්ටි සදහා රුපියල් ලක්ෂ 4 බැගින් ද නිවාස ඉදිකර ගැනීම සදහා රුපියල් ලක්ෂ 12ක්ද එක් පවුලක් වෙනුවෙන් ලබා දීමටයි පියවර ගැනුනේ. රජය ගත් මෙම පියවර සම්බන්ධයෙන් එම ජනතාව මෙසේ අදහස් පළකලා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්