fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩොරියන් සුළි කුණාටුව පුවටෝ රිකෝ රාජ්‍යයට ඇතුළු වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 14:48

ඩොරියන් සුළි කුණාටුව පුවටෝ රිකෝ රාජ්‍යයට ඇතුළු වෙයි

ඩොරියන් සුළි කුණාටුව පුවටෝ රිකෝ රාජ්‍යයට ඇතුළු වී තිබෙනවා.

පුවටෝ රිකෝ රාජ්‍යයට මෙන්ම ඇමෙරිකාවට අයත් වීකස් සහ කල්ත්‍රා යන දූපත්වලටද ඩොරියන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ලවුණා. අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් පැවතුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. පවතින අධික වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හට ගැනීමට ඉඩ ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ඇමෙරිකා කාලගුණ අංශ සඳහන් කරන්නේ පැයට කිලෝමීටර 120ක වේගයකින් සුළං හමා යන බවයි. පළමුවන කාණ්ඩයේ සුළිකුණාටුවක් වන ඩොරියන් සුළිකුණාටුව ඉදිරි දිනවලදී තවත් ප්‍රචණ්ඩ වන බවට අනාවැකි පලවී තිබෙනවා. කාලගුණ අංශ පෙන්වා දෙන්නේ සති අන්තයේදී ඇමෙරිකාවේ ෆ්ලොරීඩා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවලට මෙම සුළිකුණාටුව ඇතුළුවීමට නියමිත බවයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 14:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්