ලබන මාසයේ පැවැත්වෙන පළමු රැස්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වාර අවසන් කරන ලෙසට එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් දෙවන එළිසබෙත් රැජිනගෙන් ඉල්ලා සිටියා. අග්‍රාමාත්‍යවරයා සිදු කළ ඉල්ලීමට බ්‍රිතාන්‍ය දෙවන එළිසබත් රැජිනගේ අනුමැතිය හිමිවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ලබන මස මුලදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව යළි ආරම්භ වීමෙන් පසුව එය ඔක්තෝබර් 14 වනදා දක්වා අත්හිටුවනු ඇති. ඉන් අනතුරුව නව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේදී සාම්ප්‍රදායික දේශනය මහරැජින පැවැත්වීමට නියමිතයි. බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ නව බ්‍රෙක්සිට් වැඩපිලිවෙලක්ද හදුන්වාදීමට තමන් සූදානම් බවයි. බ්‍රෙක්සිට් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රටතුළ නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමට අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගන්නා බව ද ඔහු කියා සිටිනවා. බ්‍රෙක්සිටි ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව කිරීම තුළින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් කිරීමට හැකි බවයි විදෙස් විචාරකයින් සඳහන් කරන්නේ. මේ අතර පාර්ලිනේතු වාරය අවසන් කිරීමට වත්මන් රජය ගත් තීරණයට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිට දැවැන්ත විරෝධතාවයක්ද පැවැත්වුණා.