fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රජයේ වගකීම ජනතා යහපත වෙනුවෙන් කටයුතු කිරිමයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:00

රජයේ වගකීම ජනතා යහපත වෙනුවෙන් කටයුතු කිරිමයි

ජනතා ඡන්දයෙන් පත්වූ රජයේ වගකීම ජනතා යහපත වෙනුවෙන් කටයුතු කිරිම බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.

ගම්පහ කාර්මික විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියා.

ගම්පහ කාර්මික විද්‍යාලයේ කොරියානු ආධාර යටතේ ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණය හා නවීන පහසුකම් සමන්විත උපකරණ පද්ධතිය සිසු අයිතියට පත් කිරීම හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා  අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

අමාත්‍ය අර්ජුණ රණතුංග,  රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් මාන්නප්පෙරුම හා බුද්ධික පතිරණ,  නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන හා පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 12:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්