සුදුපුල්ලි රෝගය පැතිරයාමෙන් ඉස්සන් කර්මාන්තයට බරපතල තර්ජනයක් එල්ල වී ඇති බවට ඊට යොමු වී සිටින පිරිස් පවසනවා.
අභිජනනාගාරවලින් ලබා ගන්නා ඉස්සන් පැටවුන් පොකුණු තුලට යොමු කර ආහාර ලබාදී මාස තුනක කාලයකින් පසුව අස්වැන්න නෙලා ගත හැකි බව ඉස්සන් වගාවන්ට යොමු වී සිටින්නන් පවසනවා. එවැනි ඉස්සෙකුගේ බර ග්‍රෑම් 25 ත් 30 ත් අතර පවතී. මෙම ඉස්සන් වැඩි වශයෙන් අලෙවි කෙරෙන්නේ යුරෝපා රටවලටයි. ආරච්චිකට්ටුව මුතුපන්තිය දූපතේ පොකුණුවලින් නෙලාගන්නා ඉස්සකුගේ බර ග්‍රෑම් 05 ක් පමණ වන බව ඉස්සන් කර්මාන්තයේ නිරත වූවන් පවසනවා. ඊට හේතුවී ඇත්තේ සුදුපුල්ලි රෝගය බවත් එය කඩිනමින් මර්දනය කිරීම අත්‍යාවශ්‍ය බවත් ඔවුන් අවධාරණය කරනවා.