රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මිය ගියා. එය සිදුවුණේ කල්මුණ පොලිස් වසමේ සේනකුඩිඉරිප්පු ප්‍රදේශයේදී.
ඒ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටීමෙන්. එහි ගමන් කළ දෙදෙනා කල්මුණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
මේ අතර මොණරාගල පොලිස් වසමේ පැරණි මරගල බංගලාව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් අට දෙනෙක් තුවාල ලැබුවා. බරපතළ තත්ත්වයේ පසු වූ එක් අයෙක් සිරිගල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. කැබ් රථයක් පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.