fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථානය බැලැස්ටික් මිසයිලයක් අත්හදාබැලීමට සූදානමින්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:27

පාකිස්ථානය බැලැස්ටික් මිසයිලයක් අත්හදාබැලීමට සූදානමින්

බැලැස්ටික් මිසයිලයක් අත්හදාබලන බව පාකිස්ථානය ප‍්‍රකාශ කළා. ඒ සඳහා වන සියලු කාර්යයන් සම්පුර්ණ කර තිබෙනවා.

අද (29) දිනයේ දී අත්හදාබැලිමට සියල්ල සූදානම් බවයි පාකිස්ථානය සඳහන් කළේ. ගොඩබිම සිට කිලෝ මීටර 300ක් දුරින් පිහිටි ඉලක්කයක් වෙත එය යොමු කිරිමේ හැකියාව පවතිනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ බවයි පාකිස්ථානය පවසන්නේ.

ඉන්දියාව සමඟ හටගෙන ඇති මතභේදාත්මක වාතාවරණයත් ඊට හේතුවක්. කෙටි දුර මිසයිල වැඩපිළිවෙල සංවර්ධනය කිරිමත් ආරක්ෂක ව්‍යාපෘතියට අදාළ බවයි පාකිස්ථාන බලධාරින් සඳහන් කළේ. කාශ්මීරය සම්බන්ධයෙන් තවත් රටවල් කිහිපයක් දැනුවත් කළ බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 29, 2019 09:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්