ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන්ට ස්ථිර පත්වීම් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා.
2017 වසරේදී සියලු පළාත් නියෝජනය වන පරිදි පත්වීම් 500ක් ලබාදී තිබෙනවා. ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයකදි ලබාදී ඇති සියලු පත්වීම් සංඛ්‍යාව 1500ක්.
කොන්ත්‍රාත් පදනමේ සිටින ඔවුන්ගේ සේවය ස්ථිර කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. රුපියල් 2500ක දීමනාවක් ලබන මාසයේ සිට මාසික වැටුපට එක්කරන ලෙසටත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන්නා.