fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අපෙන් පුද්ගලයො ගැන අහන්න එපා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:46

අපෙන් පුද්ගලයො ගැන අහන්න එපා

ජල සම්පාදනය සහ ජල කළමනාකරණය පිළිබද සම්මන්ත්‍රණයක් අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජල සම්පාදනය සහ කළමනාකරණය පිළිබද යෝජිත ව්‍යාපෘති ප්‍රජා ජල යෝජනා ක්‍රම ඇතුළු ව්‍යාපෘති රැසක් පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. ජල කළමනාකරණයේ තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අරමුණු කර ගනිමිනුයි මෙය සංවිධාන කෙරුනේ.

ජනතාවට සුදුසු සහ ඵලදායී ජල සැපයුම් ලබා දීම සදහා පාර්ශ්ව කරුවන් උපරිම ලෙස දායක කර ගැනීමට අපි කටයුතු කරනවා. නව තාක්ෂණය යොදා ගැනීම පිළිබදවත් සොයා බැලුවා. ගම්මාන දහසකට ජල සැපයුම ලබා දෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. පසුගිය රජයෙන් මෙම ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 1500ක් වෙන්කළා. ජල සැපයුම් පද්ධතිය වඩාත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්