fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විමල් වීරවංශට එරෙහි නඩුව කැඳවීමට මහාධිකරණය දින දෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:34

විමල් වීරවංශට එරෙහි නඩුව කැඳවීමට මහාධිකරණය දින දෙයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසන් සභාව ගොනු කළ නඩුවක් ඔක්තෝම්බර් මස දෙවනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

වසර හයක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක පමණ මුදල් හා දේපළ අයථා ආකාරයට උපයා ඇති බවට පවසමින් පවරා ඇති නඩුව අද කැදවූ අවස්ථාවේයි මෙම නියෝගය ලබා දුන්නේ. අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවයි නඩුව පවරා තිබෙන්නේ. ඉදිරි කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සදහා ඔක්තෝම්බර් මස 2 වනදා නඩුව යළි කැදවීමට මහාධිකරණය නියෝග කළා.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්