fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිරිතදිග ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100-150ක් පමණ තද වර්ෂාපතනයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:43

නිරිතදිග ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 100-150ක් පමණ තද වර්ෂාපතනයක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ තරමක වැඩි වීමක් අගෝස්තු මස 30 වන දින දක්වා  බලාපොරොත්තු වේ. දිවයින පුරා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

බස්නාහිර, මධ්‍යම,සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැක. කොළඹ, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

අනුරාධපුරය,මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති වේ.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (29)දහවල් 12.12තිරුකෙස්වරම්වද්දකන්දල්පලයිමොද්දෙයිපරාක්‍රමපුර සහ කල්ලරාව යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.ඇතැම් ස්ථාන වලට තද වැසිද ඇති විය හැක.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුනේ දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා ඉහළ යාමට හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැ.කි.මී. (70-80) දක්වා තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය :    2019-08-29
නගරය උෂ්ණත්වය(සෙ. අංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 31 25 90 60 වැසි වාර කිහිපයක්
මඩකලපුව 32 26 85 60 සවස 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති  විය හැක
කොළඹ 29 24 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 29 24 95 80 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 32 27 90 70 වැසි ස්වල්පයක්
මහනුවර 28 22 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 19 14 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 30 23 95 70 විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 34 26 80 50 ප්‍රධාන වශයෙන් වැසි රහිත
මන්නාරම 31 26 80 65 වැසි වාර කිහිපයක්
  • කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 18:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්