fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැදුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:57

බැදුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් 

බැදුම්කර චෝදනා සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස්  ලබා දී තිබෙනවා. ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදුන්නේ බැදුම්කර වංචාව පිළිබද විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් හමුවූ අවස්ථාවේදීයි.

බැදුම්කර වංචාව පිළිබද විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුළු නිලධාරීන් සමග අද පෙරවරුවේ ජනාධිපතිතුමා සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ජනාධිපතිතුමා එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ඉතා කඩිනමින් අදාළ පරික්ෂණ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙසයි. පරික්ෂණ පමා වීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. මේ වන විට අන්තර්කාලීන වාර්තා හතරක් ලැබී ඇති බවත් මෙම දෙසැම්බර් මාසය වන විට ඉතිරි වාර්තා ද ඉදිරිපත් කළ හැකි බවත් කමිටුවේ සාමාජිකයින් අනාවරණය කර තිබෙනවා. නිලධාරීන් පෙන්වා දී ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධව බැංකුවලින් වසර පහක ලේඛණ ඉල්ලා සිටියද තමවත් එම වාර්තා ලැබී නොමැති බැවින් පරික්ෂණ කටයුතු ඉදිරියට සිදු කිරීමේදී අපහසුතාවයක් මතුව තිබෙන බවයි. මෙම වංචාවට අදාළ චූදිතයින්ට දණ්ඩ නීතී සංග්‍රහය යටතේ අපරාධමය වරදක් ලෙස චෝදනා ඉදිරිපත් කර තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව සදහන් කළා. අදාළ සාක්ෂි දිවුරුම් ප්‍රකාශ මගින් මෙම දෙසැම්බර් මාසයට පෙර ඉදිරිපත් කරන බවද ඔවුන් ජනාධිපතිතුමාට දැනුම් දුන්නා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්