fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලක්ෂ්මි වික්ටෝරියා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:33

දැල්පන්දු සංගමයේ නව සභාපතිනිය ලක්ෂ්මි වික්ටෝරියා

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නව සභාපති ලෙස ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය තේරී පත්වුණා. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති නිලවරණයේදීයී.

ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති ධුරයට ලක්ෂ්මි වික්ටෝරියා මහත්මියට අමතරව සංජීවනී වනසිංහ මහත්මිය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණා. එහෙත්  සංජීවනී වනසිංහ මහත්මිය තම නාමයෝජනාව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය නව සභාපති ලෙස නිතරගයෙන් තේරීපත් වුණා. උපසභාපති ධුරය  හිමි වූයේ ටී.එම්.පී. කුමාරිහාමි මහත්මියටයි. එච්.සී.ඩබ්ලිව් ගුණවර්ධන  මහත්මිය ලේකම් ධුරය සදහා තේරී පත්වුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්