fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

භීෂණය වැපිරූ පුද්ගලයින් යළි බලය ලබා ගැනීමට උත්සාහ කරනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:23

භීෂණය වැපිරූ පුද්ගලයින් යළි බලය ලබා ගැනීමට උත්සාහ කරනවා

භීෂණය වැපිරූ පුද්ගලයින් වීරයින් ලෙස විවිධ කතා කියමින් යළි බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

බඩල්කුඹුර හා මැදගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අඩු ආදායම්ලාභී පවුල් 800 කට සිමෙන්ති ප්‍රදානය කිරීම අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට අමතරව එම කොට්ඨාස දෙකෙහි සියලු පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන සදහා එක් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ 150 බැගින් වූ ජල පෙරණ උපකරණ ලබා දීම ද අමාත්‍යවරයා අතින් සිදුවුණා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්