fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නව අධ්‍යාපන පනතින් අධ්‍යාපනයේ සියලු ගැටළුවලට විසඳුම්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:14

නව අධ්‍යාපන පනතින් අධ්‍යාපනයේ සියලු ගැටළුවලට විසඳුම්

නව අධ්‍යාපන පනතින් අධ්‍යාපනයේ සියලු ගැටළුවලට විසඳුම් හිමිවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මහරගම පැවති වැඩසටහනකදීයී අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.  මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ ඉදිකෙරෙන නව කාර්යමණ්ඩල නේවාසිකාගාරය සදහා මුල්ගල තැබීම අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.   මහල් තුනකින් සමන්විතව ඉදිකෙරෙන මෙය කාමර 65 කින් යුක්තයි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් ද කාමර 02 ක් ඉදිකිරීමට නියමිතයි. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල මිලියන සියයක්. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 17:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්