fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් 12 ක් ලබන මස 16 වනදා දක්වා වැසේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 15:37

පාසල් 12 ක් ලබන මස 16 වනදා දක්වා වැසේ

උසස් පෙළ පිලිතුරු පත‍්‍ර ඇගයීම සදහා යොදාගන්නා පාසල් ලබන මස 16 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

උසස් පෙළ ඇගයීම් කටයුතු සදහා පුර්ණ වශයෙන් යොදාගන්නා පාසල් සංඛ්‍යාව 12 ක්.

කොළඹ රාජකීය, නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය , කලුතර ඥාණෝදය මහා විද්‍යාලය සහ රත්නපුර මිහිදු විද්‍යාල ඊට ඇතුලත්. කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් , මහනුවර විහාර මහා දේවි බාලිකා විද්‍යාලය සහ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය , ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය , බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ ඌව මහා විද්‍යාලය ද පිලිතුරුපත් ඇගයීම සදහා යොදාගන්නවා.

අනෙකු් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තුන්වන වාරය ලබන මස දෙවනදා ආරම්භ කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 15:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්