නිවසක් තුළ නිධන් හෑරූ පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත පූගොඩ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වැටලීම සිදුකළා.
උදලු කිහිපයක් , යකඩයක් සහ වතුර මෝටරයක් ඔවුන් ළඟ තිබී සොයාගත්තා. සැකකරුවන් හැටන් , කඩුවෙල , කොස්ගම , ගැටහැත්ත සහ අවිස්සාවේල්ල ප්රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.