fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 15:02

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම ඉහළට

විදෙස් සංචාරකයින්ගේ පැමිණීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

මෙසේ දිවයිනට පැමිණෙන විදෙස් සංචාරකයින්ගෙන් වැඩි දෙනා වනෝද්‍යාන නැරඹීමට වැඩි වශයෙන් එක්ව සිටිනවා. මේ දිනවල පවත්නා වියළි කාලගුණයත් සමඟ බොහෝ වනෝද්‍යාන තුළ වනසතුන් වැඩි වශයෙන් දැක ගත හැකි. වැව් හා දිය කඩිතිවල දිය සොයා වන සතුන් රංචු පිටින් ඇදී එන අතර එම දසුන් නැරඹීමට විදෙස් සංචාරකයින් දැඩි කැමැත්තක් දක්වනවා. විශේෂයෙන්ම යාල වනෝද්‍යානයට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණි බව එම වනෝද්‍යාන නිලධාරන් පවසනවා. කෙසේ වුවද ඇතැම් දේශීය  සංචාරකයින්ගේ හැසිරීම් වනසතුන්ට විවිධ හිරිහැර ගෙන දෙන බවද එම නිලධාරීන් පෙන්වා දෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 15:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්