මහජන ආරක්ෂව තර කිරීම හා ත්‍රස්ත කටයුතු මර්දනය වෙනුවෙන් ජපානය රුපියල් බිලියන 1.6 ක ප්‍රධානයක් ලබාදී තිබෙනවා. ඊට අදාළ හුවමාරු පත්‍ර ජපන් රජය සමග අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. තවත් යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා.
———————————————————————————————————————————————————————————————————
පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය මගින් ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආරක්ෂාවට ඇති වූ අහිතකර තත්ත්වයට විසදුම් ලබාගැනීම සදහා ක්ෂණික ප්‍රතිචාරයක් ලෙස මෙම ප්රදානය ලබාදී තිබෙනවා. ත්‍රස්ත ක්‍රියාකාරකම් වැළෑක්වීමේ හැකියාව වර්ධනය කිරීම සදහා අත්‍යාවශ්‍ය උපකරණ පොලිසියේ සහ ගුවන්තොටුපල හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම වෙත ලබා දීමට එකගත්වය පළවී තිබෙනවා.
———————————————————————————————————————————————————————————————————
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින්ස් සහ මිහින් ලංකා යන ආයතන පිළිබද සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනයකර වාර්තා කිරීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල සිදුව ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර සකස් කළ වාර්තාව නිර්දේශ 32 කින් සමන්විතයි. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ අනුව ගතයුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට ද කැබිනට් අනුමැතිය හිමිවුණා.
———————————————————————————————————————————————————————————————————
ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපල කාර්යාලය ශ්‍රී ලංකා බුද්ධිමය දේපල දෙපාර්තමේන්තුව ලෙස සංශෝධනය කර තිබෙනවා. ජාත්‍යන්තර හා දේශීය ආයතන සමග කටයුතු කිරීමේ දී ඇතිවන ගැටලු නිරාකරණය මෙහි අරමුණයි.
———————————————————————————————————————————————————————————————————
ණය නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවුණා. වර්තමාන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කර මුදල් අමාත්‍යාංශය මගින් පරිපාලනය වන පරිදී නීතිමය බලය හිමි ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් මගින් මෙම අධිකාරිය පිහිටුවනවා.
———————————————————————————————————————————————————————————————————
නාවුල, ගලේවෙල හා දඹුල්ලයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ක්‍රියාත්මක කළ වෑමැඩිල්ල ජලාශ ව්‍යපෘතිය සදහා පවරාගත් ඉඩම් වෙනුවෙන් එම ජනතාවට ලබා දුන් ඉඩම් මොරගහකන්ද කළු ගග සංවර්ධන ව්‍යාපෘති කටයුතු සදහා රජයට පවරා ගැනුනා. ඒ හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට වන්දි මුදල් පිරිනැමෙනවා.
———————————————————————————————————————————————————————————————————
අඩු ආදායම්ලාභින් සඳහා නිවාස ඒකක දෙදහසක් ඉදිකිරිමට කැබිනට් අනුමැතිය හිමි වුණා.
ඒ චීන රජයේ මූල්‍යාධාර යටතේ. මොරටුව, පෑලියගොඩ, තිිඹිරිගස්යාය සහ මහරගම යන ප්‍රදේශවල ඉඩම් හදුනාගෙන තිබෙනවා. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතායි අමාත්‍ය මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේ.