මැලේසියානු සංවර්ධන අරමුදලින් ඇමරිකා ඩොලර් මිලියන 540කට වැඩි මුදලක් සිය ගිණුමට හරවා ගත් බවට මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳ නඩු විභාගය අද (28) ආරම්භ වුණා.
මූල්‍ය විශුද්ධිකරණය, බලය අයුතු ලෙස භාවිත කිරිම ඇතුළු චෝදනා 21ක් යටතේ නඩු විභාගය සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. නජීබ් රසාක් සහ ඔහුගේ සමීපතමයන් විදේශීය බැංකු හරහා මෙලෙස මුදල් උපයාගෙන ඇති බවට පසුගියදා අණාවරනය වුණා.