බළංගොඩ ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බළංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබාගත් සැකකරුවන් හතර දෙනෙකු ලබන මස හත් වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට නියෝග කළා.
අනෙක් සැකකරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු දෙමාපිය කැමැත්ත මත පුනරුත්ථාපනය සඳහා යොමු කිරිමටත් අනෙක් දෙදෙනාට දඩ මුදල් නියම කර තිබෙනවා.
එම සැකකරුවන් බළංගොඩ, තුඹගොඩ හා මිරිස්වත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි බළංගොඩ පොලිසිය සඳහන් කළේ.