හේතුවෙන් පානීය ජලයට ලබා ගන්නා ළිං 4700 ක් සිඳී ගොස් තිබෙනවා.
පානීය ජලය ලබාගන්නා ළිං සිඳීයාමත් සමඟ පවුල් 2578 ක් දුෂ්කරතා රැසකට මුහුණදී සිටිනවා. තම ජල අවශ්‍යතා සපුරා ගැනීම ගැටලුවක් වී ඇති බවයි එම ජනතාව පවසන්නේ. වව්නියාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ මෙහෙයවීම මත ජනතාවට පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා. ඉදිරි දිනවලදී ද නියගය අඛණ්ඩව පැවතිය හොත් ජල ගැටලුව උග්රවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ටී එන් සූරියරාජ් මහතා ප්‍රකාශ කළේ.