fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමර්සන් ගින්න තවත් ඇවිලේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:17

ඇමර්සන් ගින්න තවත් ඇවිලේ

ඇමර්සන්  වැසි වනාන්තරයේ හටගෙන ඇති ගිනි ගැනීම් තවත් වර්ධනය වී ඇති බව වාර්තා වනවා.

රොයිටර් පුවත් සේවය නිකුත් කරන ඩ්‍රෝන තාක්ෂණ මඟින් ලවා ගත් දර්ශනවලින් මේ බව තහවුරු කර ඇති බව සඳහන්. මේ වන විට ස්ථාන දහසකට වැඩි සංඛ්‍යාවක ගිනන පැතිර ගොස් තිබෙනවා. ගිනි නිවීම සදහා රටවල් රැසක් බ්‍රසීලයට සහාය දැක්වීමටද එක්ව සිටිනවා. ජී.07 රාජ්‍ය නායකයින් ලබාදුන් මූල්‍ය ආධාර බ්‍රසීල ජනාධිපති ජේර්.බොල්සනාරෝ ප්‍රතික්ෂේප කිරිමත් සමඟ උණුසුම් තත්ත්වයක්  හට ගත්තා. බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල මැක්‍රෝන්ගේ බිරිඳට අන්තර්ජාලය ඔස්සේ අපහාස කර ඇති බව සඳහන්. ඊට පිළිතුරු  දක්වමින් ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඔහුගේ වාග් විලාසය ඉතා අශෝබන බවයි. මාධ්‍ය හමුවේ බ්‍රසීල ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමන්ට ගැටළුව ඇත්තේ  එක් ජනාධිපතිවරයකු සමඟ පමණක් බවත් ජී.07 සමුළුව සමඟ හෝ සෙසු රාජ්‍ය නායකයින් සමඟ කිසිඳු ගැටළුක් නොමැති බවයි.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්