දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් වැරදි සදහා වන දඩ මුදල් වැඩි කිරීමට රජය තීරණයකර තිබෙනවා.
ඒ සදහා නීති කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවුණා. රට තුළ සාපරාදී ක්‍රියාකාරකම් ඉහළ යාම වැළැක්වීම සදහා දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීම කාලීන අවශ්‍යතාවක් බව හදුනාගෙන තිබෙනවා.
ඇතැම් වැරදි සදහා පනවන දඩමුදල් ආදිය ප්‍රමාණවත් නොවන බව බොහෝ දෙනාගේ අදහසයි. ඒ අනුවයි දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් වැරදි සදහා දඩ මුදල් වැඩි කිරීමට තීරණය කර ඇත්තේ.