fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රට වෙනුවෙන් එකට සිටිමු හය වන දිනයටත් වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:15

රට වෙනුවෙන් එකට සිටිමු හය වන දිනයටත් වැඩසටහන් රැසක්

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ හය වන දිනය අද(28)යි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය යටතේ වැඩසටහන් රැසක් අද දින ක‍්‍රියාත්මක වන බවයි ජනාධිපති අතිරේක ලේකම් රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ.

මෙම වැඩසටහන යටතේ නාවික හමුදාව ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කළා. වෙරළ තීරය පිරිසිදු කිරිම, පැළ රෝපණය හා නීතිවිරෝධි මත්ස්‍ය කර්මාන්තය වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරිමත් ඊට අයත්.

එහිදි ඩෙල්ෆ් දූපතේ පාසල් සඳහා ආරක්ෂක කමිටු පිහිටුවීමටත් නාවික හමුදාව කටයුතු කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්