fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථිකයේ වර්ධනයක් – ආනයන අඩුවී අපනයන වැඩිවේ

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 11:47

ආර්ථිකයේ වර්ධනයක් – ආනයන අඩුවී අපනයන වැඩිවේ

ශ්‍රී ලංකාවේ විදේශීය ගිණුම් අංශය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. විශේෂයෙන් පසුගිය ජුනි මාසයේදී මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස ඉහල ගොස් ඇති බවයි මහබැංකුව තවදුරටත් සදහන් කරන්නේ.

පසුගිය ජුනි මාසයේදී වෙළද හිගය ද ඇමෙරිකා ඩොලර් මිලියන 316 දක්වා අඩුවී තිබෙනවා. එය 2010 ඔක්තොම්බර් මාසයෙන් පසු වාර්තා වූ අවම අගයයි. ආනයන අඩුවීම සහ අපනයන ඉහල යාම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ඉහළ යාමට බලපා තිබෙනවා.

සංචාරක ඉපයීම්,  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අඩු වුවද ක්‍රමයෙන්  යථා තත්ත්වයට පත්වෙමින් ජුනි මාසයෙදී ඉහළ අගයක් වාර්තා කළා. විදේශ සේවා නියුක්තිකයන්ගෙන්  ලැබෙන මූල්‍ය දායකත්වයද පසුගිය  වසරට සාපෙක්ෂව මේ වසරේදී ඇමෙරිකා ඩොලර් මිලියන 537 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය 2.5%ක වර්ධනයක්.

මේ වසරේ පළමු භගයේදී විදේශ නියුක්තිකයන්ගේ ලැබීම් ඇමෙරිකා ඩොලර් මිලියන 3270 ක් ලෙස වාර්තා වුණා. මේ අතර ශ්‍රී ලංකා මහබැංකුව  පොලී අනුපාතද අඩුකර තිබෙනවා. ඒ මහබැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට හත සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට අට දක්වා පදනම් අංක 50 කිනුයි. උද්ධමනය අවම කර ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම එහි ප්‍රමුඛ අරමුණයි.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 11:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්