fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත්‍රිරෝද රථ ජාවාරමක නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:06

ත්‍රිරෝද රථ ජාවාරමක නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට

චීනයේ නිෂ්පාදිත ත්‍රිරෝද රථ ඉන්දියාවේ නිෂ්පාදනය කළ ඒවා ලෙස සකස් කර විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිනුවන්ගොඩ දාගොත්ත ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුයි මෙම ත්‍රිරෝද රථ ජාවාරමේ නිරත වී තිබෙන්නේ. සැකකරුවන් චීනයේ නිෂ්පාදිත ත්‍රි රෝද  රථ මිළට ගෙන ඒවා ඉන්දියාවේ නිශ්පාදිත ත්‍රි රෝද රථ ලෙස සකස් කර වැඩිමිලට අලෙවිකර තිබෙනවා. ව්‍යාජ ලෙස සකස් කළ ත්‍රී රෝද රථයක්ද පොලිස් භාරයට ගැනුණා. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේදී ප්‍රධාන සැකකරු පලාගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත්  කිරීමට නියමිතයි.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 12:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්