fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයිමේ පළමු අදියර අද සිට

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 09:19

උසස් පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයිමේ පළමු අදියර අද සිට

උසස් පෙළ විභාගයේ පළමු අදියරේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් අද (28) සිට ආරම්භ වනවා. සැප්තැම්බර් නව වනදා තෙක් එය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඇගයීම් සඳහා සම්පුර්ණයෙන් වසා දැමෙන පාසල් සංඛ්‍යාව 12ක්. තවත් පාසල් 26ක් අර්ධ ලෙස වසා දැමීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සම්පූර්ණයෙන් වසා දමන පාසල් ලබන මස 16 වනදා විවෘත කරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පිළිතුරු පත‍්‍ර ඇගයීම අදියර තුනක් යටතේ සිදුවනවා. දෙවන අදියර ආරම්භ වන්නේ ලබන මස 15 වනදා. තුන් වන අදියර ලබන මස 24 වනදා සිට ආරම්භ කිරිමයි සැලැස්ම. ඒ සඳහා සහභාගී වන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 8466ක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 28, 2019 09:19

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්