fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සෑම පුරවැසියෙකුටම සහන ලබාදෙන යුගයක් අරඹනවා

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 19:15

සෑම පුරවැසියෙකුටම සහන ලබාදෙන යුගයක් අරඹනවා

දේශපාලකයන්ට සහ ඔවුන්ගේ පවුල් වලට රටේ සම්පත් බෙදාගත් යුගය අවසන්කර සෑම පුරවැසියෙකුටම සහන ලබාදෙන යුගයක් ආරම්භ කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියාසිටියේ.

පොළොන්නරුව, දිඹුලාගල. මහඋල්පත ශ්‍රී සුධර්ශනාරාම විහාරස්ථානයේ ඉදිකළ දහම්පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. සිසු දහම්සෙවන වැඩසටහන යටතේයි මෙය ක්‍රියාත්මක කෙරුණේ. සියලු පහසුකම් සහිතව ඉදිකළ මෙම ගොඩනැගිල්ල සදහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 40 ක්.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 19:15

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්