අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් සහාය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්ෂක වැඩපිළිවෙළ වඩාත් යහපත් කරලීමට හැකි වූ බව ඉන්ටර්පෝල් ආයතනයේ මහලේකම් යාගෙන් ස්ටොක් මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
ගෝලීය ත්‍රස්තවාදය මැඩපවත්වමින් ගෝලීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාත්‍යන්තරය එකට එක්වී පොදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මනාව වටහාගෙන ඇති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා නිරන්තරයෙන් තමන් වෙත සහාය ලබා දුන් බව ද මහලේකම්වරයා ප්‍රකාශ කළා. පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා ලබා දුන් දේශපාලන මග පෙන්වීම මෙන්ම පොලීසිය හා ආරක්ෂක අංශ දැක්වූ කැපවීම හේතුවෙන් කෙටි කලක් තුළ සියලු සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිවුණා.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියාසිටියේ ගෝලීය වශයෙන් අනාගතයේ එල්ල විය හැකි ආරක්ෂක අභියෝග ජය ගැනීමට නම් ජාත්‍යන්තරයම එකට එක්වී ක්‍රියා කළ යුතු බවයි. තොරතුරු හුවමාරුව සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීමේ අවකාශය හා අවශ්‍යතාව පිළිබඳව ද මෙහිදී කරුණු හුවමාරු කර ගැනුණා. මූල්‍ය හා ආර්ථික අංශයට එල්ල විය හැකි ත්‍රස්ත අභියෝග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.