fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විනය කැඩූ අමාත්‍යවරුන් දෙදෙනෙකුට කරුණු දක්වන්නැයි එජාපයෙන් නියෝග

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 17:16

විනය කැඩූ අමාත්‍යවරුන් දෙදෙනෙකුට කරුණු දක්වන්නැයි එජාපයෙන් නියෝග

විනය කඩ කිරීම හා අනවශ්‍ය ලෙස නායකත්වය විවේචනය කිරීම සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන්නැයි කැබිනට් නොවන අමාත්‍යවරුන් දෙදෙනෙකුට එක්සත් ජාතික පක්ෂය නියෝගකර තිබෙනවා.

ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ යන දෙදෙනාටයි මෙලෙස කරුණු දක්වන ලෙස නියෝගකර ඇත්තේ.

අනවශය ලෙස නායකත්වය විවේනය කිරීම,  පක්ෂයේ විනය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අද (27) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ කරුණු විමසීමකට මොවුන් දෙදෙනාට සහභාගිවන ලෙස දැනුම්දී තිබුණා.

නමුත් ඔවුන් දෙදෙනාම එම අවස්ථාවට සහභාගී නොවීම හේතුවෙන් ලබන මස 9 වනදාට පෙර මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස පක්ෂයේ නීති ලේකම් නිශ්ශංක නානායක්කාර මහතා දැනුම්දී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 17:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්