fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් රජයේ ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළින් යහපත් ප්‍රතිඵල

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 18:42

වත්මන් රජයේ ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළින් යහපත් ප්‍රතිඵල

ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැගීම සදහා වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළින් යහපත් ප්‍රතිඵල ලැබී ඇති බව ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශයේ සභාපති හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනට එක්වෙමින් කුමාරතුංග මහත්මිය මේ බව කියා සිටියා.

ජාතික ඒකාබද්ධ හා ප්‍රතිසන්ධාන අමාත්‍යාංශ යටතේ පිහිටුවා ඇති ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය සංහිදියාව වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. එහිදී අතීතය සුවපත් කරමු අනාගතය ගොඩනගමු යන තේමාවෙන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇත්තේ විශේෂ ව්‍යාපෘතියක් ලෙසයි.

දීර්ඝකාලීන වැඩපිළිවෙළක් යටතේ එය ක්‍රියාත්මක වන්නේ උතුරු නැගෙනහිර දිස්ත්‍රික් අට ඇතුළු දිවයිනේ දිස්ත්‍රික් 17 ක් ආවරණය වන පරිදියි. එම දිස්ත්‍රික්වලින් තෝරා ගත් 373 දෙනෙකු මෙම පුහුණු වැඩමුළු සදහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. දින 6 ක නේවාසික පුහුණු වැඩමුළු හයක් මේ යටතේ පැවැත්වෙන අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය සමග පාර්ශ්ව සංවිධාන ලෙස සන්ධාන ගත රාජ්‍ය නොවන සංවිධාන 23 ක නියෝජිතයින් ද ඊට ඇතුළත්. මෙම නියෝජිතයින් පුහුණුකරුවන් ලෙස පුහුණුවීමෙන් අනතුරුව ප්‍රාදේශීය මට්ටමින් සම්පත් දායකයින් ලෙස ඒ ඒ ප්‍රදේශවල එක්දින පුහුණු වැඩමුළු පවත්වමින් ජනතාව දැනුවත් කිරිමට නියමිතයි.

රත්නපුරයේ මේ දිනවල පැවැත්වෙන පුහුණු වැඩමුළුට එම කාර්යාංශයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද එක් වුණා. එහිදී වැඩමුළුවට එක්ව සිටින පිරිස් සමග අදහස් හුවමාරු කර ගැනීමටද කුමාරතුංග මහත්මිය කටයුතු කළා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 27, 2019 18:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්